#solohiker #kotmale #solotraveler #boating #lake

එදා ඒ දැනුන හැඟීම වචන කරන්න මගෙ ලඟ වචන නෑ ඒක කියාගන්න බැරිම තරමට දැනුන හැඟීමක් , හතර වටේටම කඳු වලින් වටවුණු කොත්මලේ නිම්නයේ ඉර අවරට යන සොඳුරු හැන්දෑවක ගත කල හෝරාවක්,

පුරාවෘතයක රහස් යටවුණු කොත්මලේ ජලාශයේ නටඹුන් සහ අවශේෂ සොයා ගිය ගමනක්, හැබැයි මේ තියෙන්නේ සම්පූර්ණ විස්තරාත්මක Video එකක් නෙමෙයි ඒකට හේතුව Gopro එකෙන් කරපු Video පට විශාල ප්‍රමාණයක් Lap එකේ ප්‍රශ්ණයක් නිසා නැති වීම 😥 පුළුවන් විදියට ගලපලා Video එකක් අරගෙන ආවා,

කොත්මලේ ගැන කරන 7 වෙනි Video එක මේක කලින් Video බලන්න ආරාධනා කරන ගමන් මම නවතින්නම් නැවතත් සොඳුරු ඉසව්වකින් හමුවෙමු ඔබට ජය මම Solo Hiker 🙏❤💙🍃

48 Comments

  1. එදා ඒ දැනුන හැඟීම වචන කරන්න මගෙ ලඟ වචන නෑ ඒක කියාගන්න බැරිම තරමට දැනුන හැඟීමක් , හතර වටේටම කඳු වලින් වටවුණු කොත්මලේ නිම්නයේ ඉර අවරට යන සොඳුරු හැන්දෑවක ගත කල හෝරාවක්,

    පුරාවෘතයක රහස් යටවුණු කොත්මලේ ජලාශයේ නටඹුන් සහ අවශේෂ සොයා ගිය ගමනක්, හැබැයි මේ තියෙන්නේ සම්පූර්ණ විස්තරාත්මක Video එකක් නෙමෙයි ඒකට හේතුව Gopro එකෙන් කරපු Video පට විශාල ප්‍රමාණයක් Lap එකේ ප්‍රශ්ණයක් නිසා නැති වීම 😥 පුළුවන් විදියට ගලපලා Video එකක් අරගෙන ආවා,

    කොත්මලේ ගැන කරන 7 වෙනි Video එක මේක කලින් Video බලන්න ආරාධනා කරන ගමන් මම නවතින්නම් නැවතත් සොඳුරු ඉසව්වකින් හමුවෙමු ඔබට ජය මම Solo Hiker 🙏❤💙🍃

  2. කොත්මලේ ගමන ආයේ ගියා නේද අම්බෝ ලස්සන ගමනක් 😍🔥

  3. මේ කොත්මලේ හතර වටින් වටවුන කොත් වැනි කදු වලින් වටවී ඇති ගම්මානය ලස්සනයි කියලා කියනවා නම් 1980 පසු ඉපදුන අයයි. කෙත් වතු වලින් පිරී ධන ධාන්‍ය බෝග වලින් සවන්පෝශිත ලංකාවටම කුළු බඩු සපයපු රට හාල් කඩේකින් නොගත් කිසිදු වහල් සේවකයකට නොගිය උතුම් ජන සමාජයක් හිටපු පලාතක් ඒගැන දැනගන්න පැරැණි
    ජනකතා සහ 1960 ගනන් වලට පෙර ඉපදුන ජනයාගෙන් අසා දැනගත යුතුය. පරණ ඉතුරු වී ඇති ගම්මාන අතේ ඇගිලි ගානටත් අඩුවී ඇත. ජනප්‍රවාදයේ එන කතා ඒ පැරැන්නන් ගෙන් අසා දැනගෙන යමක් ලිවිය යුතුය.
    එකල සිංහල දේශය යටත් කර ගන්න මාන බලපු පාඩි කේරල දකුණු ඉන්දීය සොලින්ටද බැරි විය. එකල අඩු ජනගහනයක් රටේ සිටියත් කොත්මලේ රටේ විශාල ජනගහනයක් හිටපු බවට පරණ පොත් වල සදහන්ව ඇත.ඒ වගේම මලේ රට කියාද ආමන්ත්‍රණය කර තිබෙනවා. මෙය කිසිම ජාතිකයකුට යටතට ගන්න බැරි හිතාගන්න බැරි අත්භුත බලයක් තිබිලා තියනවා. ව්භ්‍රෂණ සහ පත්තිනි දෙවියන්ට තාමත් පහනක් දැල්වීම සමහර ගැමි වල පැවත එන සිරිතක්. ඒ වගේම වෙල්ලස්සේ සටනට විශාල වශයෙන් ජනයා සම්බ වී ජන සන්හාරයක් වී ඇති බවට අපගේ අත්තලා මුත්තලා සදහන් කර තිබෙනවා එක්දහස් නමසිය හැට හැත්තෑ ගණන් වල ඉතිහාසය හැදෑරූ අයගෙන් ඒ ගැන අසා දැනගත යුතුය.
    අද රටේ ඉන්දියානු සහ බටහිර සහ ඇමරිකන් වාදීන්ගේ අත් පෙවිම එදා පටන් ආ කුමන්ත්‍රණයක් රට සංවර්ධනය මුවාවෙන් එම පලාතේ සස්ශ්‍රීක ඉඩම් නැති කර මහා ජාතිය ජන සන්හාරයකට හසු කර ඒ මිනිසුන්ගිරාදුරු කෝට්ටේ මාදුරු වැව උල්හිටිය කලාවැව වැනි කෑලෑ බද පලාත් වලට යවා ඇත. සිය ගණනකගේ ජීවිත අලින්ගෙන් නැතිවී ඇති අතර .සුළු ජාතිය රජ කිරීමට මහා ජාතිය නැති කිරීම සහ කුමන්ත්‍රණ මෙතනින් අවසන් නැත.එය අද දවස රටේ වෙන තත්වය අනුව ඕනෑම ගොනෙකුට වටහා ගත හැක. එම පරගැති දේශපාලුවන්ට දෙයියන්ගේ නාමයෙන් ශාපවේවා.මේ කොත්මලේ මගේ ගමයි.සැතපුම් දහස් ගානක් දුරින් හිටියත් ඒ සිසිල හා ලබපු පන්නරය හා ශක්තිය ද දැනුම ලබා දුන් ඒ ගුරු භවතුන් හා දෙමව්පියන්ගේ ආශිර්වාද තාම ඇති රාවාණ ශක්ථිය තව තවත් කොත්මලේට ආශිර්වාදයක් වේවා. බුදු සරණයි.

  4. හරි ම ලස්සනයි මල්ලි මම ඔයා ගෙ විඩියෝ බලන්නෙ ස්බාවය සුන්දරත්වය විදින්න මෙහෙම හරි

  5. අයියෙ අර අනිත් වීඩියො ගන්න බැරි වෙයිද 💖🥺

  6. හරිම ලස්සන Video එකක්. තවත් මෙවැනි ලස්සන Videos කරන්න. ජයෙන් ජය.❤❤

  7. Solo අයියා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 😊❤️🌼

  8. ඔය ජලාශයේ එගොඩ මෙගොඩ යහලුවන් සමග කොයිතරම් නම් පීනලා ඇතිද සමහර දවස් වලට කෑමටවත් ගෙදර ගියේ නෑ ජලාශයේ දෙපැත්තේ තියෙන දන් , පේර වෙරලු අඹ වලින් තමයි බඩ පුරවා ගත්තේ උදේ ඉදන් හවස් වෙනකල් ජලාශයේ නාන ගමන් ගිහින් කොල කඩනවා මිටිටක් රුපියල් 5 ට විකුනන්නේ . ඔය ජලාශයේ වතුර මට්ටම තව අඩු උනහම තවත් ලස්සනයි ඒ ගෙවුනු අතීතය කොයිතරම් සුන්දරද කියලා දැන් තමයි තේරෙන්නේ

  9. ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා අපේ හෙළ බිම සුන්දරත්වයෙන් අනූන දැකුම්කළු පින් වන්ත භූමියක මනරම්, මනස්කාන්ත පරිසර පද්ධතියක් සහ කිසිම දිනක නොදැකපු, nogiyapu isthana බලන්නට සලස්වන මෙවන් උදාර වැඩ සටහන් රැගෙන ලෝකය පුරා සිටිනා හැමෝම දැනුවත් කිරීම බොහොමත්ම වටිනව. ඔබ තුමාට මාගෙ ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. ගොඩාක් ස්තුතියි. හරිම ලස්සනයි. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට……!!!!!!

  10. වීඩියෝ කොහොම ගලපලා ගෙනාවත් අයියාගේ වීඩියෝ මාරම ලස්සනයි I like solo Hiker🥰😍🥰

  11. Video එක ලස්සනයි. last scene එක ලස්සනම ලස්සනයි😍😍😍😍😍

  12. Dwsema physics kara kara idala meka bluwama stress eka kohe giyda mnd.🍃🌸lssanaaaaiiii

  13. අපේ ගමද කියලා හිතේනවා ඒ තරමමටම ලස්සනයි අදරේයි කොත්මලේට❤❤❤

  14. සුළග සමග මුමුණන්න..
    දිය රැළි මත දැවටෙන්න..
    සදක් ළග නවතින්න..
    රැයක් කැමතියි බෝම… 💙💚🍃

  15. හදවතේ සහෝදරකයෝ ඉන්නේ තුනයි, ඉන් එක්කෙනෙක් ඔයා සහෝදරයා ❤

  16. කොත්මලේ ..❤️‍🔥මාරම ලස්සනයි .පාරාදිසයක් වගේ 💦🌼🍃

  17. කොත්මලේ ගමේ සැරි සැරැ ඔබලාට දළදා සමිදු පිහිටයි.. මෙ අපි ජිවත් වන ප්‍රදේශය

Write A Comment