Karagasthanna Mini world’s End / දුම්බර කදු මුදුන් වැඩිහරියක් බලන්න පුලුවන් ලස්සනම කෑම් සයිඩි එක.’
දුම්බර කියන්නේ ලංකාවේ තියෙන තවත් ලෝක උරුම වනාන්තරයක් ඒ වගේම මේ වනාන්තරය මැද හුදකලා වුන පාරම්පරික ගමිමාන ගනනාවක්ම අදටත් ජිවත්වෙනවා . මේ ගමිමාන වල ජිවත්වුන ජනතාව එදා තම හේන් වගාව සදහා වාන්තරය එලිපෙහෙලි කිරිම නිසා දුම්බර බොහෝ තැන්වල පතන් බිමි වගේම සැවානා වනාන්තරවල ලක්ෂන අපිට දකින්න පුලුවන් . මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකට අයත් දුමිබර වනාන්තරයේ උතුරු දිසාවෙන් අවසන් වන කදු පංතියට තමයි අද අපේ මේ සංදාරය .’
අපි අද යන්නේ උතුරු මායිමෙන් අවසන්වන කරගස්තැන්න කදු මුදුනේ තියෙන කුඩා ලෝකාන්තය සොයාගෙන ඒ වගේම තේ වගාව අතහැර දැමු පතන් භුමියක රාත්‍රියක් ගත කරන්නත් එක්ක තමයි අද අපේ සංචාරය. මේ ගමනට වෙනදා වගේම යසස් ,සනිල්ක සහ රංජි අයියත් එයාගේ පුතත් එකතු වුනා .මේ ගමනට අද නම් වාහාන දෙකක් තමයි සම්බන්ද වෙන්නේ .’
අපි ගමන පටන් ගත්තේ කුරුණෑගලින් අපි කුරුණෑගලින් මාතලේ පාරේ යටවත්තට ඇවිත් එතනින් මහවෙල හරහා නොත් මාතලේට ආවා . නෝත් මාතලෙන් තවත් කි.මි. දෙකක් විතර මාතලේ පැත්තට යනවිට හමුවනවා කවුඩුපැලැල්ල හන්දිය එතනින් වමට තියෙන අන්කන්ද මාර්ගයේ කි.මි. එකහමාරක් වගේ යන විට හමුවනවා පාර බෙදෙන තැනක් එතනින් දකුනට තියෙන මාර්ගයෙන් පුවක් පිටිය පාලම හරහා කුබල්මලුවට යන්න ඕන කුබල්ඔලුවේ තියෙන කුබල්ඔලුව ඇල්ලත් බලාගෙන පුස්සැල්ල හන්දියෙන් අපි ගම්මඩුවට ආවා . ගම්මඩුවේ ටවුන් එක පහුකරලා දමිල විදුහල පහුකරලා ටික දුරක් යන විට හමුවනවා දකුණට හැරෙන්න පාරක් එක තමයි කරහස්තැන්නට යන මාර්ගය . එම මාර්ගයේ ඉහලට යනවිට දකුණු පැත්තට හමුවන දෙවෙනි මාර්ගය දිගේ කි.මි. පහක් වගේ ඉහලට ගියහම මේ අපුරු සංචාරක ගමනාන්තයට ලගා වන්නට පුලුවන් .’
ඉහලට යන ගමනෙදි අපිට පහලින් පේන පුවක් පිටිය රිවස්ටන් වගේම පිටවල පතන වගේ තැන්වල සුන්දර දසුන් දැක බලා ගන්න පුලුවන් අවස්තා බොහෝමයක් හමුවෙනවා ඉතින් ඒ සුන්දරත්වයත් දැක බලාගෙනම මේ සංචාරක ඉසව්වට යන්න පුලුවන් . උතුරු දෙසින් මොරගහ කන්ද .බෝවතැන්න වගේ ජලාශත් දැක බලා ගන්න පුලුවන් . දුම්බර වනාන්තරයේ මිටර් 1200 වැඩි කදු මුදුන් කිහිපයක්ම දැක බලාගන්න ලැබිමත් සුව්ශේෂියි
#travelweekend #nissanpatrol #vacation #knuckles #Karagahathanna
#mathale #offroad #mountains #vacations
39 Comments
ඒකනම් පිස්සුවක්
ඊලග episode එකත් ඉක්මට ඔනි 🤗
හරිම ලස්සන තැනක් 🏕👌👌👌
වීඩියෝ එක බලද්දි හිතට දැනුන හැඟීම වචන කරගන්න තේරෙන්නෙ නැතුව ගියා අයියේ. මට වචන අමතක වුණා වගේ නිකන්. යසස්ට හරි කාට හරි " අම්මටසිරි… අනුර අයියා කොහෙද මේ අපිව එක්ක ආවේ අපිව පිස්සු වට්ටන්න…" කියන වචන ටික කියවෙද්දි බලන් හිටිය මටත් ඒ හැඟීම ඒ විදියටම දැනුනා. අයියලාට ඒකට කොහොම ස්තූති කලත් මදි. මොන තරම් සංචාරය කළත් මේ වගේ සංචාරයක් නම් අපිට මේ මෑතකදි යන්න වෙන්නේ නෑ. යනවනම් සෑහෙන දුරක් අනතුරුදායක මාවත් දිගේ පයින් යන්න වෙනවා… ඉතිං ඒ හින්දම මේ දීපු අත්දැකීමට හුඟාක් පින් අයියේ. ඇත්තටම වචන නෑ කියන්න.
කෙනෙක් කියයි මේ ලංකාවද කියලා හිතන්න බැරි තරම් ලස්සනයි කියලා. නෑ… මම නම් එහෙම කියන්නේ නෑ. මේ ලංකාව තමයි. ලෝකෙ මොන රටවල් අපේ මිනිස්සු ඔලුව උඩ තියන් හිටියත් මේ රට තරම් සුන්දර රටක් ලෝකේ කොහේවත් නෑ. එකම දේ මිනිස්සු අපේ රට දකින්නේ හැමෝම හැමදාම යන තැන් ටිකෙන් විතරයි. ඒකයි. මං හැමදාමත් කියනව වගේ මේ චැනල් එකෙන් දකින ඉසව් ලංකාවේ රූපවාහිනී නාලිකාවකවත් පෙන්නලා නෑ…
ඇත්තටම මීට වඩා ඇගයීමක් ලැබෙන්න ඕන අයියලාට. ඒක ලොකු අභියෝගයක්. ඒ අභියෝගයට අයියලා මුහුණ දෙන හැටි විශ්මිතයි. වෙලාවකට හිතාගන්න බෑ කොහොමද මේ තරම් දේවල් මේ තරම් හැංගිච්ච තැන් දන්නේ කියලා. අනුර අයියේ ඔයාගේ දැනුමට නම්… හිස නමා ආචාරය. මම මේ ස්තූතිය පුදකරන්නේ අනුර අයියා රන්ජි අයියා යසස්, නම නොදන්න අනිත් මල්ලිලා හැමෝටම. මට ඇත්තටම වචන නෑ අයියේ. උන්මාදෙන් වගේ මේ ටික කියන්නෙත්. පුදුම ලස්සනක්. ඒ ලස්සන තැනට යන්න අර පාරක් නැති පාරවල් වලින් පරිස්සමට අරන් ගියපු ජපන් අයන් මෑන්ටයි ඇමෙරිකන් අයන් මෑන්ටයි ආචාරය.මොකද වෙන අය ළඟ ඉන්න යකඩයෝ මේ තැන් වල යන්නෙම නෑ. එයාලව ගෙනියන්නෙත් නෑනේ. දැන් දැන් මගේ වාහන රුචියත් වෙනස් වෙනවා… ජය වේවා අයියේ සෙට් එකටම. ඊළඟ එකෙන් හමුවෙමු. දන්නවා ඒක මීටත් වඩා රසවත් බව. ( කලින් වීඩියෝ දෙකතුනක් මඟ ඇරුනා. ඒවත් අනිවාරෙන්ම බලනවා)
🌿❤
I would like to join with you for one of your journeys with my jeep too once I reach to Beauty SL. Awaiting and counting time for that. Good luck Anura aiya ❤️
Mama traveling youtube channel godak balana kenek.matha kale mama dakka lassama lassana youtube vedio eka.e kadu tika.mama thama pissuwen enne matath ethanata yandama one.ane ayia yanawanam apita guide kenek set karala denda puluwanda ? Lokuma loku udauwak.
අඩේ නියම වීඩියෝ එකක් මේ පාරනම් අනූර අයියේ නියම තැනක් ඊලග එක ඉන්මනට ඕනේ🔥❤
Its marvelous journey ❤You are not only a traveler , you are a great screenwriter and a person with good taste who can give good taste to the audience.
❤️🔥
skip karnne nathuva full vid ekama baluvaa,crew ekata jaaaya vevaaaa
❤❤❤❤
හිරු කිරණින් දිදුලන නිල්වන් අහසින්
බැසගෙන එන ගමනේ 👣
ගහකොළ මල් නේක වර්ණ මවනා
මේ සොදුරු දිගන්තේ 🌲🌴🌻
ඔබ අප සැම ගෙන යන මේ කදු
මුදුනේ නවාතැනේ 🦋🏖
සොදුරු නිවහනයි මේ සැනසුම
ගෙන එන පාරාදීසේ 🌅🌈
නියම ගමනක් මටත් යන්න තිබුනම් කියල හිතුනා. ලංකාවෙ ලස්සන පෙන්නුවවට ගොඩක් ස්තුතියි.❤❤
Wow නියම ගමනක් 🥰 …..
වාහනේ යනකොට පාරවල් Gmap එකේ පෙන්නන්නෙ නැත්නම්. Waze ඇප් එක පාවිච්චි කරල, road pavement ඔප්ශන් එක පාවිච්චි කරල පාරවල් ඇදගෙනම යන්න. එතකොට තව කෙනෙක්ට ඒක උදව්වක් වේවි ❤
aiya me video eke awasana tike yana sound eka kohomada hoyaganne pls replay eka
Eka nam yannama one gamank wge
ඒක නම් දිව්‍යලෝකයක්
සුපිරි තව විඩියෝ ගේන්න
බලපු සුපිරිම ට්‍රැවල් විඩියො එකක්😍❤️
🥺🇱🇰
Maru
mewage than minissunta dana ganna tiyanna epa mcn winasha karanawa. katawath nokiya gihin warella.
Bike යන්න බැරි වෙයිද
ඔබ හරිම expert කෙනෙක් බව තේරෙන්නෙ ..මොකද සෑම කදු ගැන උස පලල ,ගගවල්,දිය ඇලි ,ඒවා පටන් ගන්න තැන් ,දිය පාරවල් වැටෙන තැන් , ඒවා හදලා තියෙන්නේ කවුද ,වතුරෙ ජබුර පාට ගැන හොද දැනුමක් තියෙනවා , මේවා ගැන වෙනම ඉගෙන ගත්තා ද,,ඔබ,,? බොහෝම interesting video එකක් ..series 2 එනකන් ඉන්නෙ ,,,
❤
niyamai aiye wenada wagema. lassana gamanak♥
oyalage tent kadune nadda hulagata. maanigaladi mage tent eka kadala giya pandara hulan ena patta wenas wela. ammo puduma hulagak tiyanne 🤣 place aka nm maru 😍 mat yanawa lagadima 😛
ස්තූතියි ….අපිවත් එක්ක් ගියාට❤
Niyama wedasatahanak anura ayye good luck
අප්‍රසිද්ධ ලස්සන සංචාරකයෙක්.🌍❤
අලගල්ල පාමුල අපේ ගම😍
Nice episode and destination can't wait for next part
Lankawe API mehema inne ape karumekata. Pizz me rata godadaagamu. API wena ratawalwala idan meewa baladdi mara dukai. Iwarawenakan okkoma beluwa. Mara lassani.❤️🖤
කවුරුත් නොයන මේ වගේ හැන්ගිච්ච ලස්සන තැන් අපට පෙන්වනවට ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි♥️
Super ..
අනේ වදින්නම් ඊලග විඩියෝ එක පුලුවන් ඉක්මනට දාන්ඩෝ..❤❤❤❤
A heavenly experience, so beautiful! Hoping to join one of your adventures someday! ❤🏕
නියමයි අනුර අයියා ජය වේවා❤