ආයුබෝවන් කොන්නිචිවා こんにちは
Welcome to the RYOKO 47 youtube channel.
*************************

ඔක්තෝබර් 31 වෙනිදාට ලෝකයේ බොහෝමයක් රටවලට උත්සවාකාර දිනයක්. ඉතින් ජපානයෙත් නගරාසන්න ප්‍රදේදේශවල හැමතැනම වගේ හැලොවීන් පාටි කියලා පුංචි උත්සව වගේ මහා ලොකු උත්සව පවා සංවිධානය වෙනවා. හැලොවීන් කියන්නෙ පාටියකට කියන නමක්ද? නමුත් හැලොවීන් ඇත්තෙන්ම තනිකරම විනෝද වීම සහ විකට ඇඳුම් ඇඳගෙන නැටීමටම වෙන් වූ දිනයක් ද.? කොහෙත්ම නෑ.. ඇත්තෙන්ම හැලොවීන් උත්සවයට පාදකවුන ලොකු ඉතිහාසයක් වගේම සංස්කෘතියක් තියෙනවා.

හැලොවීන් හෙවත් ඔක්තෝබර් 31 රාත්‍රිය 16 වන සියවසේ සිට පැවත එන බටහිර උත්සවයක්. All-Hallows-Even කියන ස්කොට්ලන්ත වචනයෙන් තමයි හැලොවීන් යන්න හැදිල තියෙන්නෙ. අපි ඉහලින් සැමරුවෙ නැති උනත් එන්ගලන්තය ප්‍රමුඛ බටහිර රටවල නම් ඉතාම ඉහලින් සමරන හැලොවීන් දිනය සමහර රටවලට නිවාඩු දිනයකුත් වෙනව. විශේෂයෙන් ඇමරිකාවේ සහ කැනඩාවේ නම් මේ උත්සවේ හරිම ප්‍රසිද්ධයි. ඔවුන් එය පවත්වන්නේ ඔක්තෝබර් 31වෙනිදා. විවිධ රටවල වෙන වෙන නම්වලින් මේ හා සමාන උත්සව පැවැත්වුවත් ඒ හැම එකකම අරමුණ එකයි. ඒ තමයි සුරංගනාවියන්, මායාකාරියන්, යක්ෂයා, භූතාත්ම සහ මළ අයගේ ආත්ම සමඟ සම්බන්ධ වීම. හැලොවීන් හා සමාන වෙනත් උත්සව ලෝකෙ වෙනත් රටවලත් තියෙනවා. හැලොවීන්වලට සමාන වෙනත් උත්සවත් තියෙනවා. ඒවාවලත් කෙරෙන්නේ භූතයන් සමඟ ගනු දෙනු කිරීමයි. මෙහි සඳහන් වෙන්නේ ලොව වටා සමරන එවැනි උත්සව කිහිපයක්.
• උතුරු ඇමරිකාව – මළවුන්ගේ දවස
• දකුණු ඇමරිකාව – කවුසාස්කාන්චිස්
• යුරෝපය – මළවුන්ගේ දවස සහ හැලොවීන් හා සම්බන්ධ වෙනත් උත්සව
• අප්‍රිකාව – ඒගුන්ගුන් නැටුම
• ආසියාව – බොන් උත්සවය
නමුත් හැලොවීන් බොහෝ දුරට යුරෝපයේ විශේෂයෙන් කැනඩාව හා ඇමරිකාවේ සංස්කෘතික ලක්ෂණ වැඩියෙන් දකින්න තියෙන්නෙ. ඇමරිකානුවන් හැලොවීන් උත්සවය බොහොම සාරෙට සමරන පිරිසක්.
හැලොවීන් දවසෙ රෑට පුංචි ළමයි විවිධ වේශයන්ගේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන ගෙයින් ගෙට යනවා, එහෙම ගිහින් දොරට තට්ටුරකරල “Trick or treat ” කියනව. එතකොට ගෙවල් වල ඉන්න අය මේ පුංචි අයට ටොෆී, චොකලට් වගේ පැණි රස කෑම දෙනව.
ගොඩක් පොඩි ළමයි මේ කැවිලි එකතුකරගන්න මල්ලකුත් අරගන යනවා.ගොඩක් වෙලාවට ඒක වට්ටක්කා හැඩයේ බාල්දියක්.
මගෙන් ගොඩ අය ඉල්ලීමක් කරලා තිබුනා ජපානයේ රාත්‍රි කාලයේ වීඩියෝවක් කරන්න කියලා ඒකට හොදම දවස තමයි Halloween 31 .
මොනවා හරි ඔයාලගේ අදහස්,‍යෝජනා සහ විවේචන තියනවනම් Comment කරන්න අපි කැමති ඒ දේවල් හදාගන්න

අපේ Video එක බලපු ඔයාල හැමෝටම

ස්තූතියි.

ありがとうございます (Arigatōgozaimasu)

➡️ Connect with us on Facebook – https://www.facebook.com/Ryoko47

#ryoko47 #halloween2022 #haloweenshibuya

26 Comments

  1. ජය වේවා අයියේ කවද හරි මමත් එනවා ඇවිත් සෙට් වෙමු හොඳේ 😊🤘😁❤️❤️❤️

  2. Ayya mama july intake eke student visa japan enna inne.. eth vacine eke fizer eka doze ekai ghuwe.. eka japan wlt enter wenkot awlk wenwd

  3. Okkoma aya hari hodai🙆‍♂️🙆‍♂️🙆‍♂️🙆‍♂️🙆‍♂️

  4. කෝ අනේ දාල නෑනෙ , එදා FB Story දැම්මෙ පොඩි වීඩියෝ එකක් හැලොවින් එකේ ඒ ටික fb එකට දාන්නකො අයියෙ plz

  5. අයියේ හොක්කයිදෝ පැත්ත කොහොමද සීතලයි කියල නම් දන්නවා 😊ඉන්න අමාරුයි ද ………..Student visa වලට හොදයි ද…හොද language school තියේද…..part time කොහොමද ජොබ් එකක් හොයා ගන්න පුලුවන් වේවිද……

Write A Comment