ආයුබෝවන් කොන්නිචිවා
Welcome to the RYOKO 47 youtube channel.
********************************************
Shirakawa-go (ශිරකවා-ගෝ) 🇯🇵
ජපානයේ මුළු පලත් ගනන 47යි. මම ජපානයට ආව දවසේ ඉදලා Hokkaido කියන පලාතට හැර අනෙකුත් පලාත් 46 ම කුමණ හේතුවකට හෝ ගිහින් තියනවා.
ජපානයේ මා සියසින් දුටු ලස්සනම සහ සුන්දරම ගම්මානය තමයි Shirakawa-go කියන්නේ. හිම වැටෙන කාලෙට තමයි මේ ගම ලස්සනම.
මේ ගියපු ගමනත් සමග මම ශිරාකාවා ගෝ ගියපු තුන්වන ගමන. Summer,Winter,Autumn මේ කාල තුනටම ශිරාකාවා ගෝ කියන ගම්මානය සුන්දරයි. Gifu කියන ප්‍රාන්තයේ පිහිටලා තියන මෙම කුඩා ගම්මානය අවුරුදු 250 වඩා පැරණි.
මෙම කුඩාගම්මානය කදුකර වලින් වට වුනු කුඩා ගම්මානයක්. ගම්මානයට ඇතුල් වන තැන දකුණු අත පැත්තේ විශාල පංසලක්. ඒ වගේම මේ ප්‍රෙදේශයටම පිහිටලා තියෙන්නේ එක් කුඩා පාසලක් පමණයි. ඉතින් වැඩිදුර අධ්යාපන , රැකියා සදහා තරුණ,තරුණියෝ මේ ගම අත හැරලා දාලා නගරයට යනවා. අදටත් මේ ගම්මානයේ තරුණ,තරුණියෝ ට වඩා වයසක උදවිය තමයි වඩිපුරම දැකගන්න පුලුවන් වෙන්නේ.
මේ සුන්දර ගම්මානයේ ප්‍රදාන ජීවොනෝපාය තමයි ගොවිතැන සහ, සංචාරක ව්‍යාපාරය. ගම්මානය ඇතුලේ වාහන නවතා තබන්න ස්ථාන නොමැති අතර ගම්මානයට පිටතින් ඒ සදහා ස්ථාන 3 ක් තිබෙනවා එම ස්ථාන වල 6-7 දෙනෙක් රැකියාවේ නියත වෙනවා වර්ෂයේ කුමණ කාලයේ උවද ශිරාකාවා ගෝ සුන්දර ගම්මානය දැක බලාගන්න පැමිණෙන සංචාරකයින්ගෙන්නම් කිසිම අඩුවක් නැහැ. ඒ වගේම මේ ගම්මානයේ තැනින් තැන කුඩා අවන්හල් තියෙනවා. මේ ප්‍රෙදේශයට අවේණික කෑම වර්ග සහ හිද ප්‍රෙදේශයේ කිරිවලින් සාදන ලද අයිස්ක්‍රීම් උණුසුම් කාලයට මේ ප්‍රෙදේශයට පැමිණෙන සංචාරකයින්ට වෙහෙස නිවාගන්න සහ රස බලන්න මිලදී ගන්න පුලුවන්. ඒ වගේම සංචාරකයින්ගේ වැඩි වීමත් නිසා මේ සමහර නිවාස කුඩා හොටෙල් බවට වෙනස්කරලා.
ජපාමයේ Summer එක කියන්නේ විවිදාකාර සාම්ප්‍රදායික උත්සව වලින් සමන්විත කාලයක්. මේ ගම්මානයට ආවේණික උත්සවයක් ඔක්තොම්බර් මාසයේ තිබෙනවා සෑම දෙනාම එකතුවී මත්පැන් පානය කරන උත්සවයක්. දැනගන්න ලැබුණු විදිහට කොරෝනා වැඩිවීම නිසාඑම උත්සවය මේ වසරේදී නොපැවැත්වීමේ ඉඩ කඩ වැඩී.
ඉතින් මේ ශිරාකාවා ගෝ කියන සුන්දර ගම්මානයේ විශේෂත්වය තමයි මේ ගම්මානයේ තිබෙන ගෙවල්,
මෙම නිවාස හදුන්වන නම තමයි Gassho Style House
මෙම නිවාස උතුරු හා දකුණට මුහුණලා, ශිරකාවෝ ගෝ හි සුළං දිශාව සැලකිල්ලට ගනිමින් සුළං ප්‍රතිරෝධය අවම කරමින්, ගිම්හාන සහ උණුසුම් ශීත සෘත වලට ඔරොත්තු දෙන ආකරයට වහලයට හිරු එළිය වැටීම පාලනය කිරීම, යනාදී කරුනු සැලකිල්ලට ගනිමින් මෙම නිවාස උතුරට සහ දකුණට මුහුණලා තමයි සාදාලා තියෙන්නේ.
ශිරාකාවා -ගෝ වල පිහිටලා තිබෙන Gassho විලාසිතාවේ නිවාස ගැන මුලු ලෝකයේම අවදානයට යොමු කලේ ප්‍රකට ජර්මානු වාස්තු විද්‍යාඥයෙකු සහ ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ බෲනෝ කියන නිර්මාණ ශිල්පියා විසිනි. Gassho විලාසිතාවේ නිවාස වල සැලසුම ගැන ඔහුගේ “ජපන් සුන්දරත්වය නැවත සොයා ගැනීම” නම් ග්‍රන්ථය සදහන්වෙනවා.
ඉතින් බෲනෝ නිසා ජනප්‍රිය වුනු මෙම ගම්මානය
1995 දෙසැම්බර් මාසයේදී UNESCO සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනවා.

ඔයාලා තවමත් අපේ YouTube Channel එක Subscribe කරලා නැත්තන් අපේ Channel එක Subscribe කරන්න.
➡️ Connect with us on Facebook – https://www.facebook.com/Ryoko47

#japan #Ryoko47

36 Comments

  1. ඇබ්බැහි උනා අයියෙ.සිකුරාදා වෙනනෙ කවද්ද කිියලා බලන් ඉන්නෙ🥲

  2. බිස්නස් වීසා ඇවිත් ඉන්න කපල් එකකට ජපානෙදි බබෙක් හම්බවුනොත් ලමයට සිටිසන් ලැබෙනවද ? දෙමවුපියන්ට ?

  3. අයියේ මං ඔයාට insta Msg එකක් දැම්මා පුලුවන්නම් reply එකක් දෙනවද?🥺

  4. "අලුතෙන් එන ලමයින්ට සපොට් එකක් විදියට" එකනම් වැදුනා

  5. Addicted සිකුරාදා වෙනකන් බලන් ඉන්නෙ ❤️

  6. Super 👍👍👍👍ආසාවෙන් හිටිය විඩියෝ ව ක් .thank s .💕💕💕💕

Write A Comment