Sensoji Temple,Temple
තෝකියෝහි ජනප්‍රියම,වඩාත් ආකර්ෂණීය සහ පැරණිතම පංසල
Akasuka Sensoji Temple, අවුරුදු 3 පසුව තෝකියෝවට ඇදහැලුනු හිම පතනයත් එක්ක තව තවත් මේ පංසල ලස්සන වෙලා..
මේ පංසල ආරම්භ කරලා තියෙන්නේ 628,
අවුරුද්ද පුරාවටම විවිද විවිද උත්සව වලින් හැඩ ගැන්වෙන මෙම පංසල ශ්‍රීලංකාවේ අපිටත් යම් අයුරකින් විශේෂයි.
මෙහි තිබෙන පස්මහල් චෛත්‍යය ( Five-Storied Pagoda ) ප්‍රථම වරට ඉදිකරන ලද්දේ 942 දී හමුදාපති ටයිරා නෝ කින්මාසා විසින්. 1945 මාර්තු 10 වන දින මහා ටෝකියෝ ගුවන් ප්‍රහාරයේදී මෙය පුළුස්සා දමන ලදී. ඉන් අනතුරුව එය 1973 දී ජපානය පුරා සිටින බැතිමතුන්ගේ පරිත්‍යාග වලින් නැවත ගොඩනඟන ලදී.
Hozomon හි වම් පසින් Gojuu no tou නම් උස ගොඩනැගිල්ලක් ඇත. ජපානයේ බොහෝ විහාරස්ථානවල මෙවැනි ගොඩනැඟිලි බහුලව දක්නට ලැබේ. මෙම කුළුණ ස්ථර පහකින් සමන්විත වන අතර, එය Goju no to ලෙස හඳුන්වනු ලැබේ, එහි තේරුම “ස්ථර පහක කුළුණ” යන්නයි. ශ්‍රී ලංකාවේ ඉසුරුමුණිය පුදබිමෙන් ලබා දුන් බුදුන්ගේ භෂ්මාවශේෂ කුළුණ මුදුනේ ගබඩා කර ඇත.
*********************
Song: Markvard – Dreams
Music provided by Vlog No Copyright Music.
Creative Commons – Attribution 3.0 Unported
Video Link:
*****************
#japan #travel #Vlog #Sinhala #Tokyo #Sensoji #temple
AloJapan.com